නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආක්‍රමණශීලි ජීවි විශේෂ පාලනය කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධාන දැනුවත් කිරීමක්

    අගෝස්තු 05, 2016
    වර්තමානයේ දී පරිසරය නොයෙකුත් විචල්‍යතාවනට බදුන් වන අතරම වායු ගෝලීය ගැටළු, ජල ප්‍රශ්න, කසල ප්‍රශ්න ඇතුළු කෙමෙන් උත්සන්න වෙමින් පවතින පාරිසරික ප්‍රශ්න රැසකටම මිහිතල වාසීන්ට මුහුණ දීමට සිදුව ඇතැයි ද මිහිතලය පුරා වෙසෙන පරිසර ක්‍රියාකාරීන් ඊට විසඳුම් සොයමින් ද, ක්‍රියා කරමින් ද ජනතාව දැනුවත් කරලීමට ද අතිශයින්ම වැදගත් වන්නේ යැයි රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම මහතා පැවසීය.
    ඒ මහතා මෙම අදහස් පල කළේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ පසුගිය දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ ආක්‍රමණශීලි ශාක විශේෂ මැඩලීම පිළිබඳ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩ සටහනේදීය.
     
    ශ්‍රී ලංකාව අතීතයේ සිටම විවිධාකාර ආක්‍රමණ රැසකටම මුහුණ දුන් අතර  “ ආක්‍රමණ“ යන වදන ගත් විට අපට සිහිපත්වනුයේ  බහුවිධ ආක්‍රමණයන්ය. එහෙත් මෙය ඊට හාත්පසින්ම වෙනස් කාලයක්. අප දැනුවත්ව හෝ නොදැනුවත්ව දැවැන්ත ව්‍යවසනයකි. මේ ආක්‍රමණශීලි සහ ආගන්තුක ජීවි විශේෂ මැඩලීම අතිශයින් වැදගත් සහ අවශ්‍යතාවයක් බවට ජාත්‍යන්තරයේ මෙන්ම ශ්‍රි ලංකාවේ අවධානයයට බඳුන් වී තිබේ යැයි ද මේ සම්බන්ධව ජනතාවගේ අවධානය යොමු කරවමින් දැනුවත් කරලීමේ වැඩසටහන් දියත් කිරිම ද වඩාත්   කාලෝචිත  යැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසිය.
     
    රත්නපුර අතිරේක දිසා වන නිලධාරි ඩී.එම්.බී.එම්.බණ්ඩාර මහතා අදහස් දක්වමින් ශ්‍රී ලංකාව ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන 34 න් එකකි. සංවර්ධිත රටවල් වාර්ෂිකව විශාල මුදලක් මේ සදහා වැය කරනවා.ගෝලීය පාරිසරික පහසුකම් ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන සහ UNDP සහයෝගයෙන් මහවැලි සංවර්ධිත හා පරිසර අමාත්‍යාංශයේ BDS මගින් ආක්‍රමණශීලි ආගන්තුක ජීවි විශේෂ හඳුන්වා දීම හා පැතිරිම පාලනය කිරීම සදහා වූ ධාරිතා වර්ධන ව්‍යාපෘති යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් “ ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලි ආගන්තුක ජීවි විශේෂ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, උපාය මාර්ග සහ ක්‍රියාකාරි සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා. 
     
    තව ද මේ සදහා නීතිමය රාමුවක් සහ විශේෂිත පනතක් ප්‍රකාශයට පත් කිරීමට ද මේ සඳහා ඊළඟ වසරේ සිට ජාතික ප්‍රතිපාදන බිහි කිරීමට ක්‍රියා කෙරෙන බව ද  පැවසීය.
     
    මෙහිදී  ශ්‍රී ලංකා පරිසර පදනමේ නලින්ද පිරිස්, ටිරාන් අබේවර්ධන ,මනම්පේරි  යන මහත්වරුන් විශේෂ දේශන පැවැත්වූහ.
     
    මේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්‍ෂ ඩබ්.පී.සමන්තිලක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සරත් චන්ද්‍රසිරි යන මහත්වරු ද ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, මහජන සංවිධාන නියෝජිතයන් රැසක්ද සහභාගි වූහ.
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya