ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වත්මන් රජය යටතේ ක්‍රියාත්මක ප්‍රථම උදා කළ ගම්මානය වන වලස්මුල්ල මහයායේ "සැමසපිරිගම" ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
මෙම ගම්මානය නිවාස 58කින් යුක්ත වේ. ඒ අනුව නිවාස 36ක් වැඩිදියුණු කරගැනීම සඳහා අඩු පොළී ණය ලබාදෙන අතර ණය ආපසු ගෙවීමේ හැකියාවක් නොමැති පවුල් 10ක් වෙනුවෙන් නිවාස ආධාර පිරිනැමීම සිදු වේ. මීට අමතර ව නව නිවාස 12ක් ඉදිකෙරෙනු ඇත. මෙම පවුල්වල ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළක් ද දියත් කෙරේ.
ලංකාවේ ඉදිවන ප්‍රථම උදාකළ ගම්මානය වන මෙම ගම්මානයට අමතර ව ඉදිරියේ දී නයිවලවත්ත සහ ඇත්පිටිය, නෙරළුගොඩ ප්‍රදේශයේ ද තවත් උදාකළ ගම්මාන දෙකක් ඇති කිරීමට නියමිතය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ගැටලු විසඳීම සඳහා ඉදිරියේ දී උදා ගම්මාන, උදාකළ ගම්මාන, විසිරි නිවාස, රාජ්‍ය සේවක ගම්මාන, මාධ්‍යවේදී ගම්මාන, වෙද ගම්මාන, කලාපුර, යොවුන් ගම්මාන වශයෙන් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් පැවසීය.
ඉදිරියේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියා විරහිත පුද්ගලයන් වෙනුවෙන් රජයේ රැකියා 20,000ක් ලබාදීමට කටයුතු කරන බවත් නව රජය යටතේ දැනටමත් රැකියා 1000ක් පමණ ලබා දී තිබෙන අතර ම උපාධිධාරීන් අමාත්‍යංශයට බඳවාගෙන නිවාස සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 190,000ක් ජීවත් වන බවත් ඉන් පවුල් 81,000කට එනම් 43%කට නිවාස ප්‍රශ්නය ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.