වලව දිවිනැගුම උදානය 2016 සමාරම්භක අවස්ථාව සඳහා සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සහභාගිවීමට නියමිතය.
පෙරවරුවේ ඇරඹෙන ප්‍රර්ශනයේ දී සමෘද්ධි බැංකු කුඩා ව්‍යවසායකයන් 150 දෙනෙකුගේ නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවිය ද, අඩුආදායම්ලාභී පවුල් 150ක් සඳහා, ජලමුද්රිත වැසිකිලි පහසුකම් ලබා දීම සඳහා රුපියල් 10,000 බැගින් ආධාර මුදල් ප්‍රදානයක් ද, අඩු ආදායම්ලාභී 125 දෙනෙකු සඳහා නොමිලේ අක්ෂි සායනයක් හා ඇස් කණ්නාඩි ප්‍රදානයක් ද, ජාතික හැඳුනුම්පත් ලබා දීමේ ජංගම සේවයක්ද, සමෘද්ධි ව්‍යාපෘති සඳහා බැංකු ණය ප්රදානයක්ද, දිරිය කාන්තාවන් 200 ක් සඳහා දිරියමාතා ගිණුම් 200 ක් ඇරඹීම වැනි සුබසාදන කටයුතු ද, රාත්‍රීයේදී ජනප්‍රිය ගී තරු පිරිවරා සංගීත සංදර්ශනයක් ද පැවැත්වේ.