නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසල මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවයි

    අගෝස්තු 03, 2016
    ඓතිහාසික මහනුවර ඇසල පෙරහර මංගල්‍යය අද (03) පෙරවරු 6.04ට යෙදුණු සුබ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර දේවාලයන් හි කප් සිටුවීමෙන් ආරම්භ විය.  ඉන් අනතුරුව පුරා දින පහක් සතර දේවාල පෙරහර පැවැත්වේ.
     
    ඇසල පෙරහර මංගල්‍ය යේ ප්‍රථම චාරිත්‍රය වන කප (පණස) වෘෂ්කයේ ශාඛාව ඊයේ (02) අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ සිට වැඩම කරවීම සිදු විය. පුරාතනයේ දී මෙම කප ඇතෙකුගේ පිට වැඩම කර කරවූ අතර පසුගිය කාලයේ දී  ගමන් පහසුව පිණිස ඒ සඳහා මෝටර් රථයක් යොදා ගැනුන ද මෙවර නැවත පැරණි චාරිත්‍රානුකූලව කප ඇතුන් පිට වැඩම කරවීම සිදු විය.
     
    ප්‍රථම කුඹල් පෙරහර 08දා සිට 12දා දක්වා පැවැත්වෙන අතර 13දා රන්දෝලි පෙරහැර ආරම්භ වේ. දිය 18දා පැවැත්වෙන දිය කැපුම් පෙරහරින් මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යය අවසන් වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya