ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37වැනි සංවත්සර සැමරුම් උත්සවය අද පැවැත්වුණේ කොළඹ වරාය චෛත්‍ය පරිශ්‍රයේදීයි. මෙහිදී වැඩබලන වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අවධාරණය කළේ වත්මන් රජයේ යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන හොඳම තැන වරාය භූමිය වන බවයි.
“ගාල්ල වරාය සංචාරක වරායක් විදිහට සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙළ මේ වනවිට අපි වේගවත් කර තිබෙනවා. මම විශ්වාස කරනවා අපිට එම අභියෝගත් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා......” යැයිද වැඩබලන අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.
සැමරුම් උත්සව සභාව අමතමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා පැවසුවේ කෙටි කාලයක් තුළ 11% දියුණුවක් පෙන්නුම් කළ ලෝකයේ එකම වරාය කොළඹ වරාය වන බවයි. නූතන තරගකාරිත්වයට මුහුණ දීමට හැකි අයුරින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව මානව සම්පත් සැලැස්මක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවද සභාපති දම්මික රණතුංග මහතා මෙහිදී පැවසීය.
“සේවකයින් 9,600 ක් සේවය කරන ආයතනයක මානව සම්පත් සැලැස්ම සතියකින් දෙකකින් කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. සෑම සේවක මහත්ම මහත්මීන්ටම සාධාරණයක් වන විදියේ මානව සම්පත් සැලැස්මක් අපිට අවශ්‍යයි. ඒ නිසා රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කරමින් සිටිනවා. මේ කෙටි කාලයේදී අපි ලබාගත් ජයග්‍රහණය ගැන අපි සතුටු විය යුතුයි. නමුත් යම් යම් මත ප්‍රකාශ සිදු වෙනවා. ඒ ගැන අපි කලබල විය යුතු නැහැ. ඇත්තටම අපිට කරන්න තියෙන කාර්යයන් අවසන් වී නැහැ. අපි මේ ආරම්භ කළේ දීර්ඝ ගමනක්. අපිට ලෝකය සමඟ විශාල තරගකාරීත්වයක් තියෙනවා. මේ තරගකාරීත්වයට මුහුණ දෙන්න නම් අපි මීට වඩා වේගවත්ව ගමන් කළ යුතුයි....” යැයිද වරාය සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.
මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.
AP