"තමන්ම හදන තමන්ම නිර්මාණය කරන ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා මරඋගුලක් බව සටන් පාඨයක් විය යුතු නැහැ හේතුම තමන්ම මේ උගුලේ කොටස්කරුවන් වන නිසා ඒක නරක පූර්වාදර්ශයක් වනවා. මේක සම්පූර්ණයෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට පටහැනි මතයක්. ව්‍යවස්ථාවේ කොටස්කරුවන් ම ලෝකයට මෙන් ම ශ්‍රී ලංකාවට ද පණිවුඩයක් ලබාදෙනවා ව්‍යවස්ථාව මර උගුලක් බවට" යැයි ද කීය.
විනිසුරුවරුන් විසින් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කළ බවත් කිසිම අවස්ථාවක විනිසුරුවරුන්ගේ බලය ආණ්ඩුවට අවශ්‍ය පරිදි යොදා ගැනීමට ක්‍රියා නොකළ බවත් අධිකරණයේ ස්වාධීනබව හා අධිකරණ නිදහස පැහැදිලිවම මෙරටේ ස්ථාපිත වී ඇති බවත් ජයසේකර මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදේශ විනිසුරුවරුන් විසින් මෙරට නඩු කටයුතුවලට සම්බන්ධකරගැනීම පිළිබඳ ව පැහැදිලි තීරණයක සිටින බවත් ලංකාව අභ්‍යන්තරයේ පවතින නීතිමය ක්‍රියාදාමයක මිස වෙනත් අකාරයක විදේශ විනිසුරුවරුන් හෝ විදේශ බලපෑම්වලට යටත් ව ලංකාවේ රණවිරුවන් දඬුකඳේ ගැසීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
ජාතික ආණ්ඩු සංකල්පයක් ක්‍රියාත්මක කරනු ලැබුවේ වෙන කිසිවක් නිසා නොව එම අවස්ථාවේ දී රට මුහුණ දී තිබූ අර්බුධ ගණනාවක් හේතුවෙන් බව පෙන්වා දෙන ජයසේකර මහතා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක ගමනක් යාමට කටයුතු කරන බවත් කිසිඳු විටක එය බෙදීමකට ලක් නොකරන බවත් පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.