නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බවට ඇමැතිගෙන් සහතිකයක්

    ජූලි 29, 2016
    ජාතික සම්පතක් වන විදුලිබල මණ්ඩලය කිසිම අවස්ථාවක පෞද්ගලීකරණය කිරීමට කටයුතු නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
     
    විදුලිබල පනතේ තිබෙන වගන්තිවලට අනුව ඒවා රැකෙන පරිදි කටයුතු කරන බව එය දැඩි විශ්වාසයෙන් හා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති 22ක වෘත්තිකයන් සමඟ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදීය.
     
    යාපනය චුන්නාකම් ප්‍රදේශයේ මෙගාවොට් 20ක ධාරිතාවයෙන් යුතු සුළංබල විදුලි උත්පාදකයක් ක්‍රියාත්මක කිරීමට තම අමාත්‍යංශය සූදානමින් පසුවන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා එහි වාසිය අනාගතයේ දී පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරන අතර ඒ අනුව පවතින මිලට වඩා 40%ක් අඩුවෙන් සුළංබල විදුලිය ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya