නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ආධාර සහිත නිදහස් ගිලන් රථ සේවය ඇරඹේ

    ජූලි 29, 2016
    ඩොලර් මිලියන 7.6ක යළි නොගෙවන ප්‍රදානයක් යටතේ ඉන්දීය රජය වෙතින් ශ්‍රී ලංකා රජය වෙත ලැබුණු අංග සම්පූර්ණ නිදහස් ගිලන් රථ සේවාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ගාලු මුවදොර පිටියේ දී ආරම්භ විය.
     
    මෙහිදී ගලබොඩ ඥානීස්සර නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය නව ගිලන් රථ සේවයට සහ එහි කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරමින් සෙත් පිරිත් සඡ්ඡායනා කළහ. කතෝලික, මුස්ලිම් සහ හින්ද ආගමික පූජකවරුන් ද ආශිර්වාද පූජා පැවැත්වූහ. 
     
    ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට මෙවැනි පූර්ව රෝහල් ප්‍රතිකාර ඒකකයන් ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති අතර බස්නාහිර සහ දකුණු පළාත්වල මුල්වටයේ දී මෙම සේවාව ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මුදල් අමාත්‍ය රවි කරුණානායක, ස්වදේශ ඇමැති වජිර අබේවික්‍රම, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විදේශ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ෆයිසාල් හසීම්, රුවන් විජයවර්ධන මහත්වරු ප්‍රධාන මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya