අදාල ප්‍රදර්ශනය අද සිට 31 වැනි දින දක්වා දින තුනක කාලයක් පෙ.ව. 9.00 සිට ප.ව. 7. 00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.
අපනයන බෝග වගා කරන වගාකරුවන්ට අවශ්‍ය දැනුම සහ ශක්තිය ලබා දෙමින් ඔවුන් බලගැන්වීමේ අරමුණින් පවත්වනු ලබන මෙම ප්‍රදර්ශණය නොමිලේ නැරඹිමට අවස්ථාව සලසා ඇති අතර මේ තුලින් කෘෂි සායන, පස් සාම්පල් පරික්ෂාව ඇතුළු සේවාවන් රැසක් ලබාදීමට කටයුතු යොදා තිබේ. මීට අමතරව අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ණය ආධාර ක්‍රම පිළිබද දැනුම්වත් කිරීමටත් සංවයං රැකියා හා ව්‍යාවසායකත්ව අවස්ථා සදහා සහාය ලබා දීමටත් මෙහිදී කටයුතු යොදා තිබේ.
අපනයන කෘෂිකර්මාන්තය පිළිබද අධ්‍යාපනික වැඩසටහන් රැසකින් සහ විවිධ ආහාර වට්ටෝරු රස බැලීම හා දැනුම්වත් කිරීමටද මෙහිදී කටයුතු යොදා ඇති අතර, අපනයන කෘෂිකර්මාන්තයට අවශ්‍ය දැනුම අපේක්ෂා කරන සියළු දෙනාටම මේ සදහා සහභාගී වන ලෙස විවෘත ආරාධනයක් කෙරේ.
AP/DMU-Kandy