මහල් 16 කින් යුක්ත මෙම ගොඩනැගිල්ල තුළ වාහන 100 ක් ගාල් කළ හැකි අතර, ආසන 600 ක ශ‍්‍රවණාගාරයක් සහ කමිටු කාමරවලින් ද සමන්විතය.
එමෙන්ම මෙම ගොඩනැගිල්ල තුළ අමාත්‍ය කාර්යාලය, නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය, සෞඛ්‍ය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය ඇතුළු සියලුම සෞඛ්‍ය සේවාවන්ට අදාළ කාර්යාල මෙහි ස්ථාපිත කිරීමට නියමිතය.
පළමු අදියරේ දී මෙම ගොඩනැගිල්ලේ මහල් 10 ක් ඉදිකෙරෙන අතර, දෙවන අදියරේ දී මහල් 06 ක් ඉදිකෙරේ. වර්ග අඩි දෙලක්ෂ 24,000 ක් වන අතර මේ සඳහා වැයකිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 3.8 කි.
කාසල් ක‍්‍රීඩාංගණය ද මෙහිදී නවීකරණය කරන අතර, ක‍්‍රීඩාංගණයට කිසිදු හානියක් සිදු නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් පිහිටුවා තිබු ගොඩනැගිල්ල ළය රෝග සඳහා ස්ථාපිත කළ රෝහල් ගොඩනැගිල්ලක් බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. සියලුම සෞඛ්‍ය සේවා එකම වහළක් යටතේ සිදු කිරීමට අවස්ථාව දීම මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ ප‍්‍රධාන අරමුණ වේ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙය ඉදි කෙරෙන අතර මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වීමට නියමිතය.