කෑගල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාවේ තෙතමන සංරක්ෂණ හා ඩොලමයිට් යෙදීම සදහා සහනාධාර දීමේ වැඩ සටහනත් පොල් වගා කිරිමේ මණ්ඩලය මගින් ආරම්භ කර ඇත. මෙහි ඉලක්කය පොල් ගස් ලක්ෂයක් වන අතර මේ සදහා ඉල්ලුම් පත්‍ර 149 ක් ලැබී ඇත. මින් පොල් ගස් 15,066 ක් මේ වන විටත් පරික්ෂා කර ඇති අතර මෙම ගස් සඳහා තෙතමන සංරක්ෂණ හා ඩොලමයිට් යෙදීමට නිර්දේශ කර ඇත. AP/DMU- Kegalle