මේ සදහා දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 22 ක මාධ්‍ය ඒකකවලින් තෝරා ගත් දරුදැරියෝ 220 දෙනෙක් සහභාගි වූහ. මේ සදහා සම්පත්දායකයන් ලෙස චිත්‍රා කුමාරි පත්තප්පෙරුම හා අජිත් ඉන්ද්රජී විජේසේන යන මහත්ම මහත්මීන් සහභාගි වූහ. මෙහිදී භාෂාව හැසිරවීම, ප්රවෘත්ති නිවේදනය,අංග චලනය,හඩ පාලනය,භාව පාලනය පිලිබදව,වේදික වල නිවේදන කටයුතු කිරීම පිළිබද ප්‍රායෝගිකව පුහුණුවක් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට යටියන්තොට සහකාර ප්‍රාදේශිය ලේකම් අරුණ ප්‍රේමරත්න,ජාතික තරුණ සේවා සභාවේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකවරු වන සුජීව සමරතුංග හා මල්කාන්ති ජයතිස්ස, දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ඩී.ඒ දයානි යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ.
AP/DMU-Kegalle