එහි අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පසුගියදා කියා සිටියේ මේ දින වල පොලොන්නරුව ඇතුළු නගරයේ බැම්ම ආසන්නයේ සිදු කරනු ලබන පුරා විද්‍යාත්මක කැනීම් මගින් කාසි නිෂ්පාදනය සදහා යොදාගත් ඉපැරණි යකඩ අච්චුවක කොටස් සොයා ගැනීමට හැකි වූ බවයි.
පැරණි පොලොන්නරුව නගරය තුල සිදු වූ ආර්ථික ක්‍රියාවලිය කෙසේද යන්න සොයා බැලීම සදහා මෙහි සිදු කරන කැනීම් තුලින් උත්සාහ ගන්නා බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
මීට අමතරව පොලොන්නරුව අංක දෙක ශිව දේවාලය පරිශ්‍රයේද කැනීම කටයුතු සිදු කෙරෙන අතර එමගින්ද පොලොන්නරුව ඉතිහාසයේ ගැබුරු තම පුරාවිද්‍යාත්මක අධ්‍යනයක් සිදු කිරීමට අපේක්ෂා කරයි.
අනුරාධපුර යුගයට වඩා ඉපැරණි යයි කියන පාදමක්ද මෙහිදී මතු කර ගැනීමට හැකි වී තිබේ.
පොලොන්නරුව පුජා නගරය හා ඒ තදාශ්‍රිත ප්‍රදේශය තුල කිලෝ මීටර් 50ක් දුරින් පිහිටා ඇති පුරා විද්‍යාත්මක ස්මාරක සංරක්ෂණය කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලයේ මහාචර්ය රොබින් කනින් හැම් මහතා ඇතුළු ,ඉන්දියාව, නේපාලය ,ප්‍රංශය,හා ඉන්දුනීසියාව යන රටවල පුරා විද්‍යා විශේෂඥ කණ්ඩායමක් කැනීම් කටයතු සිදු කරයි
මෙම මස 30 වන දින දෙවන අදියර අවසන් කිරීමට නියමිතය.
AP/DMU-Polonnaruwa