අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ පසුගියදා පැවැති කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පසුගියදා ඇති වූ නායයාම් තත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් තුන දහසක් පමණ අවතැන් වෙලා ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය රජය සතු ඉඩම්,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව, ජනවසම, ,වැවිලි සමාගම් සතු ඉඩම් හා පුද්ගලික ඉඩම් හදුනා ගෙන තිබෙනවා. මෙම ඉඩම්වල ගොඩනැගිලි පර්යේෂණ ආයනයේ වාර්තා වලින් 75% ක් ලැබී තිබෙනවා. ලබන සතිය වන විට ඒවායේ මැනුම් කටයුතු ආරම්භ කරන අතර මෙහි දී පර්චස් විස්සක ඉඩමක් ලබාදීමට කටයුතු කරනවා. එම ස්ථානවල භූමිය අනුව නිවාස ඉදිකිරීමට කටයුතු කරන අතර එම ඉදි කිරීම් සදහා යුධ හමුදාවේ ද සහයෝගය ලබා ගැනීමට කටයුතු කරනවා. ඉඩම් ලබාදීමේ දී ඔවුන් පදිංචිව සිටි ස්ථානයට ආසන්නයෙන් ම ඉඩම් ලබා දිමට කටයුතු කරනවා යයි ද ඒ මහතා පැවැසිය.
මෙම අවස්ථාවට කමිටු සම සභාපතිවරුන් වන සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස, බුද්ධ සාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල,පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුසිතා විජේමාන්න,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය යන මහත්ම මහත්මීන්ද ,අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
AP/DMU-Kegalle