පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වන විට වකුගඩු රෝගීන්ගේ ගහණය වැඩිවෙමින් පවතින අතර, ආණමඩුව ආසනයේ පමණක් රෝගීන් 580 ක් ලෙස වාර්තා වේ.
එහෙයින් රජයේ කැබිනට් තීන්දුව මත කෝටි 500 ක් පුත්තලම දිස්ත්‍රික්කයට වෙන් කොට ඇති බවද “ආරෝප්ලාන්ට් “ නැමැති ජල පෙරණ යන්ත්‍ර ස්ථාන ගත කිරීමට දිස්ත්‍රික් ජල සම්පාදන ප්‍රජාමූල සංසදයේ මැදිහත්වීමෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවද ඇමතිවරයා පැවසීය.
මෙම අවස්ථාව සඳහා උත්තර අම්මවිල්ලුව, මධ්‍යම අම්මවිල්ලුව හා බෝධි රාජපුර ගම්මානවල ජනතාවද එක්වීය. ජල ලීටර් 8,000 ක ධාරිතාවයකින් යුත් ටැංකියක් කි.මී 40 ක බට එලීමක් මේ වන විට සිදුකොට ඇත. ආසියානු බැංකු ආධාර යටතේ පස්වන අදියරෙන් 2017 වසරේදී පිරිපහදු ජලය ලබා දීමට අනුමැතිය ලැබී ඇත.
AP/DMU-Puttalam