නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වඩු කාර්මික පුහුණු වැඩසටහනක් මාතර දී

    ජූනි 21, 2016
    මාතර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින වඩු කාර්මික ක්ෂේත්‍රයේ නියලී අයවලුන් සදහා වන පුහුණු වැඩසටහනක් පසුගියදා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ මාතර දිස්තික් කාර්යාලය පිහිටි ස්ථානයේදි පැවැත්විණි.
    දවස පුරා පැවති මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සමාරම්භක අවස්ථාවට සහභාගී වූයේ මාතර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ විදුර ප්‍රසන්න මහතායි.
     
    එහිදී අදහස් දැක්වූ සැලසුම් අධ්‍යක්ෂවරයා පැවසූයේ, ඉදිකිරිම් ක්ෂේත්‍රය මෑත කාලයේ ඉතාමත් ඉහළ දියුණුවක් ලබා ඇති බැවින් ඊට අදාළ වඩුකාර්මික හෝ දැව ආශ්‍රිත සේවා වල හෝ නිෂ්පාදන වල යෙදී සිටින කාර්මිකයින් සදහා පැරණි දැනුමත් සමග නව තාක්ෂණික දැනුම අත්‍යවශ්‍ය සාධකයක් බවයි. එබැවින් නව දැනුම හා තාක්ෂණික හැකියාවන් සමාජගත කිරීමට මෙවැනි පුහුණු වැඩමුළු සාර්ථක ඉදිරි පියවරක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් රාජකාරියේ නියුතු දිවිනැගුම සංවර්ධන නිලධාරින් හා දිවිනැගුම කළමණාකරුවන් මාර්ගයෙන් මාතර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් 05 දෙනා බැගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 න් වඩු කාර්මිකයින් 80 දෙනෙකු මේ අවස්ථාව සදහා සහභාගී කර ගත්හ. 
     
    දිවිනැගුම  ජිවනෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවේ.
     
    මෙය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩමුළුවකි. වැඩසටහනේ සම්පත් දායකත්වය සපයන ලද්දේ jat ආයතනයේ තාක්ෂණික කළමණාකරු එරන්ද දන්දෙණිය මහතා විසිනි. 
     
    දිවිනැගුම නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් වන්නිගම මහතා ඇතුළු දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය වැඩසටහන සම්බන්ධීකරණය සිදුකරන ලද අතර සම්පත් දායකත්වය, ද්‍රව්‍ය දායකත්වය හා මූල්‍ය අනුග්‍රහය ඇතුලු සියල්ල  jat ආයතනය මගින් සිදු කරන ලදි. .
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya