මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල්වල පරිසර නියමු භට කණ්ඩායම් දැනුම්වත් කිරීමක් සිදු කෙරිණි.
ජෛව මංකොල්ලය පිටුදැකීම හා පරිසර සංරක්ෂණය මැයෙන් පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ දේශනයක් රුහුණ විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය ටී.ජී. දයානන්ද මහතා විසින් සිදු කරන ලදි. එමෙන්ම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය මගින් පරිසර දූෂණය අවම කිරීම පිළිබඳ දේශනයක් මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරී එස්.එස්. ජයසිංහ මහතා විසින් සිදු කරන ලදි.
මීට අමතරව පරිසර සංරක්ෂණය තේමාකරගත් පාසල් සිසුන්ගේ වීදි නාට්‍යයක් ද රඟ දැක්විණි.
ජාත්‍යන්තර පරිසර දිනය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1972 වසරේදී ය. 1973 වසරේ සිට එය සමරයි.වාර්ෂිකව විවිධ රටවල් සත්කාරකත්වය දක්වන ලෝක පරිසර දින සැමරුම සඳහා 2016 වසරේ සත්කාරකත්වය දක්වන්නේ ඇංගෝලාවයි.
ජාත්‍යන්තර පරිසර දින වැඩසටහනේ මෙවර තේමාව වන්නේ වනජීවී සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු යන්නයි. ඒ අනුව නීති විරෝධී වනජීවී නිෂ්පාදන වෙළෙඳාමට එරෙහිව ලොව පුරා දැඩි පියවර ගත යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ. පෘථීවි තලයේ ජෛව විවිධත්වයට හානී සිදුවන අයුරින් අලින්, රයිනෝ, කැස්බෑවන්, වළසුන් වැනි සතුන් ඝාතනය කර ඔවුන්ගේ කොටස් අලෙවි කිරීමේ ජාවාරම් ලොව පුරා සිදුවන බව එම සංවිධානය පෙන්වා දෙයි.
ලෝක පරිසර දිනය සමරන විවිධ රටවල් තම රටවලට අදාළ පරිසර ගැටළු මුල් කර ගනිමින් තම රටේ පරිසර දින තේමාව සකස් කර ගනී. ඒ අනුව අපේ රටේ පරිසර දින තේමාව වූයේ තිරසාර භාවිතය තුළින් අපේ පොළොව රැකගනිමු යන්නයි.
මේ අවස්ථාව සඳහා දකුණු පළාත් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම් ඒ.යූ. වේලාරත්න මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් බන්ධුල රණවීර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පාසල් දරු දැරියන් හා ගුරු භවතුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
AP/DMU-Matara