නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංස්කෘතිය තුළින් යහපත් මිනිසෙකු නිර්මාණය කළ හැකි වේ.

    ජූනි 14, 2016
    සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ විය යුත්තේ “ සංස්කෘතිය තුළින් යහපත් මිනිසෙකු නිර්මාණය කිරිම ” බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසයි. 
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා මෙම අදහස් පළ කළේ දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පසුගිය දා පැවැති දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩල පිහිටුවීමේ දෙවන වැඩසටහනට එක් වෙමිනි. 
     
    තව දුරටත් කතා කළ දිස්ත්‍රික් ලේකම්වරයා  - අපේ මහා සංස්කෘතියට ප්‍රබල බලපෑමක් සිදු කරන උප සංස්කෘතීන් ගණනාවක් තිබෙනවා. ඒ අතර ත්‍රීවීල් සමාජ සංස්කෘතිය, පෞද්ගලික බස්රථ සංස්කෘතිය, පෞද්ගලික පන්ති සංස්කෘතිය, නොසැලකිල්ල පිළිබඳ සංස්කෘතිය යනාදී වශයෙන් දැක්විය හැකි වෙනවා. 
     
    මෙම උප සංස්කෘතීන් කෙරෙහි ප්‍රබල මහා සංස්කෘතිය තුළින් කොතෙක් දුරට අවධානය යොමුකර තිබේ ද මඟ පෙන්වනවා ද යන්න සලකා බැලිය යුතු බව පැවසූ අතර ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරිමෙන් යහපත් සංස්කෘතියක් සතු මිනිසෙකු නිර්මාණය කළ හැකි බව පෙන්වා දුන්නේය. 
     
    මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, සංස්කෘතික බල මණ්ඩල නිලධාරීන්, සංස්කෘතික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya