“ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා” (New trends of entrepreneurship) යන නමින් හඳුන්වා ඇති මෙම වැඩමුළුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සංවිධානය කර ඇත.
ශ්‍රි ලංකාවේ වර්තමාන ආර්ථිකය තුල ව්‍යාපාර ක්ෂේත්‍රයේ පවතින නව අවස්ථාවන් පිළිබඳව දැනුම්වත් කරනු ලබන මෙම වැඩමුළුව ශ්‍රී ලංකා මහ බැංකුව සහ කැලණිය විශ්ව විද්‍යාලයීය වාණිජ්‍ය හා කලමනාකරණ පීඨයේ විද්වත් මණ්ඩලයක් විසින් දේශන දායකත්වය සපයයි.
නොමිලේ පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 200 පමණ සහභාගී කරවා ගැනිමට අපේක්ෂිත අතර සහභාගී වීමට අපේක්ෂා කරන්නන් කුඩා ව්‍යාපාර සංවර් ධන අංශයේ දුරකතන අංක 033-2222284 සහකාර අධ්‍යක්ෂ එම්.ඩී.පී.වසන්තා මහත්මිය ඇමතීමෙන් ලියාපදිංචි විය හැක.
AP/ DMU-Gampaha