නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹින් කසල ටොන් 6,000ක් ඉවතට

    ජූනි 13, 2016

    පසුගිය දා කොළඹ දිස්ත්‍රික්කයේ එකතු වූ කසළ ටොන් 6,000 ක් පමණ පසුගිය දින නවය තුළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ඉවත් කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රීය පසුවනතෙක් මෙම කටයුතු සිදුකෙරුණු අතර කඩිනමින් අදාළ ප්‍රදේශ පිරිසිදු කිරීමේ අරමුණින් එකතු කළ කසළ තාවකාලිකව කොළොන්නාව කසළ අංගනයට බැහැර කිරීමට සිදු කෙරිණි.

     

    කසළ එකතුවූ ප්‍රදේශ හඳුනාගෙන කුඩා ඒකක වශයෙන් සිතියම් ගත කර කණ්ඩායම් වශයෙන් කසළ ඉවත් කිරීම සිදු කර තිබේ.


    මේ කටයුතු සම්බන්ධීකරණය කළ  ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මඟින් එක් දිනයකදී ත්‍රිවිධ හමුදාවල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනය වල නිලධාරීන් 500 කට අධික පිරිසක් කොළොන්නාව නගර සභා සීමාවේ සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශවල ගංවතුරින් පසු  එක්රැස්වූ කසළ ඉවත් කර තිබේ.

     

    කොළොන්නාව, මීතොටමුල්ලල කොටිකාවත්ත, මුල්ලේරියාව, අංගොඩ, ගොතටුව, බුත්ගමුව, සේදවත්ත, කොහිලවත්ත, කොටපොළ, කිත්තම්පහුව, කැලණිමුල්ල, අඹතලේ පරණ පාර, නාගහපොළ, කොටිකාවත්ත පාර සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල මෙම කුණු ඉවත් කිරීම අවසන් කර තිබේ.

     

     මේ සඳහා එක් දිනකදී දිවයිනේ විවිධ පළාත් පළාන ආයතන වල ජේ.සී.බී.ල ටිපර්ල ට්‍රැක්ටර් ඇතුළු කසළ එකතු කරන වාහන 100 කට අධික සංඛ්‍යාවක් භාවිතා කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya