ඒ අනුව මෙතෙක් පැවති වෘත්තීය පාඨමාලා නූතන ලෝකයට වඩාත් ගැලපෙන පරිදි වඩාත් විධිමත් කිරීමට සැළසුම් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ මගින් පිරිනමන සහතික පත්‍රයද ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා මට්ටමකින් නිකුත් කරන බවද පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදීය.
මෙම වැඩසටහන් මාලාවේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙතෙක් පැවති ලී වැඩ පුහුණූ ආයතනය ඉදි කිරීම් පුහුණු ආයතනය ලෙස පරිවර්තනය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා නිවසේ අත්තිවාරමේ සිට ගොඩනැගිල්ලක් ඉදි කොට අවසන් කිරීම දක්වා වූ සෑම පුහුණුවක්ම ඒ හරහා ලබා දීමට නියමිත බව පෙන්වා දෙන ලදී. වසර එකහාමාරකට වඩා වැඩි විධිමත් ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් මෙහිදී ලැබෙන අතර, ඒ තුළින් දෙස් විදෙස් රැකියා අවස්ථා රැසක් ලබා ගැනීමට පුහුණුවන්නන්ට පහසුවෙන් හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම ප්‍රධාන නියමු ව්‍යෘපෘතියට අමතරව තවත් ආයතන හතරක් ප්‍රතිව්‍යුහගත කිරීමට මේ වන විටත් සැළසුම් සකස් කොට ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම නියමු ව්‍යාපෘතිවල සාර්ථකත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී අනිකුත් සෑම පුහුණු ආයතනයක්ම මෙම වැඩසටහනට ඇතුලත් කිරීමට උත්සාහ දරන බවද පෙන්වා දෙන ලදී.
මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මකවන සමූපකාර ආයතන ඉහළ නැංවීම සදහාද මේ වන විට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි. එහිදී සේවකයන් උපයා දෙන මට්ටම අනුව ඔවුන්ට දිරිදීමනා ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ එවැනි නියමු වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවද පැවසීය. ඉදිරියේදී එම ක්‍රමය පළාත තුළම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රධාන අමාත්‍යවරයා සභාව දැනුවත් කරන ලදී.
AP/DMU-Kandy