ඒ මහතා ප්‍රකාශ කළේ ඒ සඳහ අවශ්‍ය වන මුදල් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දෙන බවයි.
ලබන වසරේ ජූලි මාසය වන විට උතුර , නැගෙනහිර , කොළඹ , බදුල්ල යන පළාත්වල පාරවල් 1,500ක් සෑදීම සිදු වන බවත් කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය , කොළඹ - රත්නපුර අධිවේගී මාර්ගය , කොළඹ - පොලොන්නරුව අධිවේගී මාර්ගය ඒ සියල්ලම ලබන වසරේ ආරම්භ කිරීමේ වැඩ සැලැස්මක් තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
පරණ ගාලු පාර සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙය වීමෙන් , බි‍්‍රතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය මඟින් මොරටුව / පානදුර ප‍්‍රදේශ යා කෙරෙමින් ඉදි වූ මොරටුව දිගරොල්ල පාලම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.
එවකට රජයේ වැඩ දෙපාර්තුමේන්තුව විසින් නිර්මාණය කරන ලද දිගරොල්ල යකඩ පාලම වසර 106 ක් පැරණිය. නව පාලම නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 625 ක මුදලක් වැය කෙරිණි. ප‍්‍රතිපාදන සැපයීම මාර්ග සංවර්ධන අධිකාරිය සහ බී‍්‍රතාන්‍ය යකඩ පාළම් ව්‍යාපෘතිය මඟින් සිදු කර ඇත.
මෙහිදී පැරණි පාලම නිරීක්ෂණය අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දෙමින් කියා සිටියේ පැරණි පාලම පිළිබඳව පූර්ණ විධිමත් අධ්‍යනයක් සිදු කර අවශ්‍ය අලුත්වැඩියා කිරීමෙන් පසු ගමනාගමනය සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි.