ලෝක පරිසර දිනයට සමගාමීව තංගල්ල නාවික හමුදා කඳවුරත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව පොල් පැල සීයක් (100) සිටුවීමේ වැඩ සටහන ක්‍රියාත්මක කෙරිණි. තංගල්ල වෙරළ ආසන්නයේ පිහිටි රණවිරු ස්මාරකය අවට ප්‍රදේශයේ මෙසේ පැල සිටුවීම සිදුවිය. මෙලෙස සිටුවනලද පොල් පැල රැක බලා ගැනීම නාවික හමුදාව විසින් සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න, වෙරළ සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරු ඇතුළු පිරිසක් ද තංගල්ල බාලිකා විද්‍යාලයේ පරිසර නියමු භට කණ්ඩායමක් ද එක්විය.
AP/DMU-Hambanthota