නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය කොන්සියුලර් කාර්යාලයෙන් ආධාර

    ජූනි 06, 2016
    හම්බන්තොට ඉන්දීය කොන්සියුලර් කාර්යාලය මගින් රුපියල් පනස් දහසකට අධික වටිනාකමකින් යුත් ආධාර තොගයක් පරිත්‍යාග කිරීම මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී සිදුවිය.
    හම්බන්තොට ඉන්දීය කොන්සියුලර් ජනරාල් රාජ් කුමාර් මහතා විසින් එය හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතා වෙත පිරිනැමුණි. පසුගියදා ගංවතුරෙන් සහ නායයෑම් වලින් පීඩාවට පත් ජනතාව වෙත මෙම ආධාර  ලබාදීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සිදු කෙරේ.
     
    සංකේත වශයෙන් ආධාර ලබාදුන් කොන්සියුලර් ජනරාල්වරයා දිස්ත්‍රික් ලේකම්වරයා සමග විශේෂ සාකච්ඡාවක නිරත වු අතර මෙහිදී දිස්ත්‍රික්කයේ වැඩ සටහන් සඳහා ඔවුන්ට ලබාදිය හැකි සහාය පිළිබඳව ද දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කරන ලදී.
     
    AP/DMU-Hambanthota
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya