නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 01, 2016
    ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් හෙට (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ, පත්තලගෙදර, සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වීමට නියමිතය.
    මේ කමිටු රැස්වීම ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවැත්වේ. මේ සඳහා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සම සභාපතිවරුන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගිවීමට නියමිතය.
     
    මෙහි සම්බන්ධීකරණ කටයුතු ගම්පහ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ලේකම් කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බව ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.
     
     AP/DMU/ Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya