ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ 2016 ජගත් පරිසර දිනයට සමගාමීව පාරිසරික නීතිය පිළිබදව මාතලේ පොලිස් නිලධාරින් දැනුවත් කිරිම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති වැඩමුළුවකට එක් වූ අවස්ථාවේ දීය.
පොලිස් පරිසර ඒකක ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිවරයා නිකුත් කරන ලද චක්‍ර ලේඛයකට අනුව බවත් දැනට තිබෙන දණ්ඩ නීති සංග්‍රහ, පොලිස් ආඥා පනත හා භූ විද්‍යා කැනීම පිළිබද පනත වැනි විවිධ පනත්වලින් ලැබෙන ප්‍රතිපාදන අනුව පරිසර ගැටළු සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරන බවත් නවරත්න බණ්ඩා මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මහවැලි හා පරිසර අමාත්‍යාංශය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩමුළුව සංවිධානය කර තිබුණි.
AP/DMU-Matale