ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 200 වැය කර ශිෂ්‍යයාවන් 400ක් සඳහා ඉදි කරනු ලැබූ ශිෂ්‍ය නේවාසිකාගාර සංකීර්ණය , රුපියල් මිලියන 8.2 ක වියදමින් ඉදිකරන ලද නව විශ්වවිද්‍යාල පිවිසුම් මාර්ගය සහ රුපියල් මිලියන 2.5 ක වියදමින් ඉදිකරන ලද ව්‍යාපාර පෙර වැඩුම් මධ්‍යස්ථානය නිල වශයෙන් සිසු අයිතියට පත් කිරීමේ පසුගියදා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ලංකාවේ විශ්වවිද්‍යාලවල සිටින අපේ මහාචාර්යවරු එකතුවෙලා වකුගඩු ප‍්‍රශ්ණයට ද විසඳුම් ලබාදීම අවශ්‍ය බවත් මෙය අද තිබෙන බරපතල ප‍්‍රශ්නයක් වී තිබෙන අතර ඒ සඳහා බුද්ධිමතුන්ගේ දායකත්වයෙන් මේ සඳහා විසඳුම් ලබා ගැත හැකි බව තම විශ්වාසය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.