නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරේ

    මැයි 25, 2016


    ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    එහිදී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය පිළිබඳව සහ විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පමණක් නොව විදුලිය හා සම්බන්ධ කර්මාන්තකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ද ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යසන්ත රතුවිතාන මහතා විසින් සිදු කරන ලදී.

    විදුලිබලය උත්පාදන ක්‍රියාවලියේ සිට නිවසක විදුලි බුබුලක් දැල්වීම දක්වා වන ක්‍රියාවලිය, විදුලි අනතුරු හා විදුලි අනතුරුවලින් ආරක්ෂා වන ආකාරය, විදුලිය සම්බන්ධ ගෝලීය තත්ත්වයන් පිළිබඳව දැනුම්වත් කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ විදුලි පරීක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ සමීර අදිකාරම් මහතා විසින් සිදු කරන ලදී.

    මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya