මේ හේතුවෙන් තම කුඹුරු හා ගොඩ වගා කටයුතු නියමිත කාලයේදී සිදු කිරීමට නොහැකි වන බව හා ඉන් තම ආර්ථිකයට බලපෑමක් වන බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙන ලදී.
එම කරුණු සැළකිල්ලට ගනිමින් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වන තෙක් එම ව්‍යාපෘතියේ වගකිව යුතු නිළධාරියෙක් සෑම මසකම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව සඳහා සහභාගී විය යුතු බවට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා නිලධාරීන්ට දන්වා සිටියේය.
එසේම දැනට වගා කටයුතු සිදු කළ බිම් හරහා ඉදිකිරීම් සිදුවනවා නම් හානි වූ වගාවන් සදහා ගෙවීම් සිදු කිරීමටද ඔහු උපදෙස් දෙන ලදී.
AP/DMU-Hambanthota