නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් ලේකම්ගේ අධීක්ෂණයෙන් ආධාර රැගත් ලොරි ආපදා ප්‍රදේශවලට

    මැයි 25, 2016

    ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර එක්රැස් කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ අධීක්ෂණය යටතේ මාතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 17ක් පිහිටුවීමට කටයුතු කර තිබේ. එක්රැස් කරන ලද ද්‍රව්‍යමය ආධාර ක්‍රමානුකූලව ආපදාවට පත් ප්‍රදේශ වෙත ප්‍රවාහණය කිරීමේ කටයුතු දිනපතා සිදු කෙරෙමින් පවතී. අදාළ ප්‍රදේශවලට මේ වන විට ද්‍රව්‍යමය ආධාර රැගත් ලොරි රථ 13ක් පිටත්කර යවා ඇති බව මාතර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මාතර, හක්මන, පිටබැද්දර, පස්ගොඩ, දික්වැල්ල, මුලටියන, මාලිම්බඩ, දෙවිනුවර, අකුරැස්ස, කොටපොල, කිරින්ද - පුහුල්වැල්ල, කඹුරුපිටිය, වැලිගම, අතුරලිය, තිහගොඩ හා වැලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ඇත.

    මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 650 ආවරණය වන පරිදි ග්‍රාමසේවා වසම් මට්ටමින් මෙම ආධාර එක්රැස් කිරීම සිදු කෙරෙනු ඇත.

    පානීය ජල බෝතල්, ළදරු කිරිපිටි, ළදරුවන් සඳහා සනීපාරක්ෂක යට ඇඳුම්, පැඳුරු හා කොට්ට, ලන්තෑරුම්, පාසල් ළමුන්ගේ උපකරණ, ළිං පිරිසිදු කිරීමට වතුර පොම්ප, ජෙනරේටර්, කඳවුරු ගොඩනැගිලි සඳහා ජනෙල් ආවරණ, ජල බවුසර්, කාන්තාවන් සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටල, පිරිමින් සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටල, මුළුතැන්ගෙයි උපකරණ කට්ටල, වියළි ආහාර පාර්සල්, තාවකාලික ආවරණ (ටෙන්ට්), බ්ලැන්කට් හා අනාථ කඳවුරුවලට අවශ්‍ය වෙනත් ආධාර මෙසේ ලොරි රථ මගින් ප්‍රවාහනය කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya