නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනය අවසන් අදියරේ

    මැයි 22, 2016

    ශ්‍රී ලංකාව තුළ සිවිල් ගුවන්සේවා පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව වාණිජමය මගී සේවා සඳහා මෙහෙයුම් ආරම්භ කළ හැකි වන පරිදි මඩකලපුව ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව ගුවන්යානා පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීම හා ගුවන්යානා ධාවන පථය, ගුවන්යානා බැහැරුම් පථය සහ ගඟන යාත්‍රා අංගණය අලුත්වැඩියා කිරීමට ගියවසරේ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

    ඒ අනුව, එකී වැඩ කොටස්වලින් 80%ක් පමණ දැනටමත් අවසන් කර ඇති අතර, ඉතිරි වැඩ කොටස් සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් නිම කරවා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya