රබර් වගාකරුවන්ට සහන සැලසීමේ අරමුණින් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි එය සිදු වේ.
ඒ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ද ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන ස්වාභාවික රබර් දේශීයව අගය එකතු කිරීමේ කර්මාන්ත විසින් පරිභෝජනය කිරීම දිරිමත් කිරීම සඳහා අමු රබර් වශයෙන් අපනයනය කරනු ලබන රබර් කිලෝවක් සඳහා රුපියල් 15/- ක පමණ සෙස් බදු මුදලක් අය කිරීම සිදු කරනු ලැබේ.
දැනට මෙරට නිෂ්පාදනය කරනු ලබන ස්වාභාවික රබර්වලින් 80%ක් දේශීය කර්මාන්තකරුවන් විසින් පරිභෝජනය කරනු ලබන අතර 20%ක පමණ ප්‍රමාණයක් අමු රබර් වශයෙන් අපනයනය කෙරේ.
ලෝක වෙළෙඳ පොළේ රබර් මිල පහත යාමට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ද රබර් මිල පහත යාම හේතුවෙන් කුඩා රබර් වතු හිමියන් ඇතුළු වගාකරුවන් මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර දැනට පවත්නා අඩු මිල තත්ත්වය වසර 2020 පමණ වන තෙක් පවතිනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ.
මෙම තත්ත්වය යටතේ රබර් අපනයනකරුවන් සහ දේශීය රබර් භාණ්ඩ නිෂ්පාදකයින් අතර ස්වාභාවික අමු රබර් සඳහා තරගකාරී තත්ත්වයක් නිර්මාණය කිරීම හරහා රබර් මිල ඉහළ යාමට සැලැස්වීම තුළින් රබර් වැවිලිකරුවන්ට ඉහළ මිලක් ලබාගැනීමට අවස්ථාව ලැබේ.