මාතර, හක්මණ, පිටබැද්දර, පස්ගොඩ, දික්වැල්ල, මුලටියන, මාලිම්බඩ, දෙවිනුවර, අකුරැස්ස, කොටපොල, කිරින්ද - පුහුල්වැල්ල, කඹුරුපිටිය, වැලිගම, අතුරලිය හා වැලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම ආපදා තත්ත්වයන් බලපා ඇත.
වැලිගම කොට්ඨාසයේ කඹුරුගමුව වැව අසලදී ගසක අත්තක් කඩා වැටීමෙන් තුවාල වී රෝහල් ගත කිරීමෙන් පසුව පුද්ගලයෙකු මරණයට පත් වීම සිදුවී ඇති එකම මරණයයි.
පූර්ණ නිවාස හානි 18 ක්, අර්ධ නිවාස හානි 110 ක් හා වෙනත් දේපළ හානි 01 ක් මේ වන විට වාර්තා වේ. විපතට පත් වූවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරේ.
AP/DMU-Matara