නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් මහනුවර පවුල් 379ක් විපතට

    මැයි 18, 2016

    රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 379ක පුද්ගලයන් 1638 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පැවසීය. මහනුවර දිස්ත්‍රික්කයේ වැඩි ම හානියක් සිදු ව ඇත්තේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඩුගන්නාව ඉලුක්වත්ත ප්‍රදේශයටයි. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පැවසුවේ මේ වන විට එම ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි පුද්ගලයන් 06 දෙනාගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවය.


    ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 152ක පුද්ගලයන් 547ක් අවතැන්ව සිටින අතර ඔවුන් සියලුදෙනා සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටිති‍‍. පූර්ණ නිවාස හානි 6ක්ද, අර්ධ නිවාස හානි 129ක් ද මේ වන විට වාර්තා වී ඇති බව මහනුවර අප දිස්ත්‍රික් මා‍ධ්‍ය ඒකකය පැවසීය.

    දොළුව - ගම්පොළ, නාවලපිටිය - හැටන්, නාවලපිටිය - තලවකැලේ, ගම්පොළ - කඩුගන්නාව, ගම්පොළ - කහවත්ත, ගම්පොළ- හෙම්මාතගම, උලපනේ දම්පර් හන්දිය , කළුන්තැන්න - ‍දේවහන්දිය, හුන්නස්ගිරිය - මීමුරේ පස්කඳු කඩාවැටීම හේතුවෙන් මාර්ග රැසක් මේ වන විටත් අවහිර වී තිබේ.

    අවතැන් ජනතාව වෙත රජය මගින් සපයන සහන ලබාදීම සඳහා මේ වන විටත් පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් ඇතුළු විශේෂ කාර්යමණ්ඩලයක් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීම මත යොදවා තිබේ.

    තම අවශ්‍යතා සඳහා අවදානම් මාර්ගවල ගමන් කරන සියලුම ජනයා ඉතා ප්‍රවේශම් වන ලෙස දැනුම් දෙන මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ජනතාව‍ට දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya