නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණික තත්ත්වය නිසා කළුතර පවුල් 870ක් විපතට

    මැයි 17, 2016

    දින කිහිපයක සිට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 870ක පුද්ගලයන් 3355ක් විපතට පත්ව ඇති බව කළුතර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    නිවාස 18ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස ගණන 200. කළුතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාමසේවා වසම් 158ක ජනතාව මෙසේ අවතැන් වී සිටිති.

    කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතාගේ උපදෙස් පරිදි විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන 05ක් මිල්ලනිය, පානදුර හා හොරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටුවා ඇත.

    මේ මධ්‍යස්ථානවල සිටින ජනතාවට අවශය ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක මගින් සපයනු ඇත.

    ජලයෙන් යට වී ඇති මතුගම හා බේරුවල ප්‍රදේශ කිහිපයක ජල මට්ටම මේ වන විට බැස යමින් පවතින අතර එම ප්‍රදේශවල ගමනාගමන කටයුතු ද යථා තත්ත්වයට පත්වී ඇති බව කළුතර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya