මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "පශ්චාත් සීමාවාසික පත්වීම් කඩිනමින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් වෙනවා. දැනට පුහුණුවන සීමාවාසික වෛද්‍යවරුන් සඳහා පත්වීම් ජූනි මාසයේ දී ලබාදීමට තීරණය කර තිබෙනවා. වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ස්ථාන මාරුවීම් අත්තනෝමතික ලෙස සිදු කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන චෝදනාව මා ප්‍රතික්ෂේප කරනවා. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සමඟ සාකච්ඡා පවත්වා, පැවැති ගැටලු නිරාකරණය කළා. අදාළ ලේඛනය සකස් කිරීමට පෙර සාකච්ඡා වට ගණනාවක් සිදු කෙරුණා.
උතුරු, නැගෙනහිර ප්‍රදේශවල සේවය කළ වෛද්‍යවරුන් වසර 02ක් ඉක්මවීමෙන් පසු වෙනත් ප්‍රදේශවලට ස්ථාන මාරුවීම් ඉල්ලා සිටීම සාමාන්‍ය සිදුවීමක්. කෙසේ වෙතත් අවශ්‍ය ආකාරයට වෛද්‍යවරුන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි වී ඇත්තේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතීම නිසයි. පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදීත් මෙම ස්ථාන මාරුවීම් සහ පත්වීම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අවශ්‍යතාවන් නිවැරදිව හඳුනාගෙන මෙම ලේඛනය සකස් කර තිබෙනවා. ඒ අනුව අවශ්‍යතාවන් 2800ක් හඳුනා ගෙන තිබුණත් වෛද්‍යවරුන් 1060ක් පමණක් සිටීම නිසා වැඩි අවශ්‍යතාව ඇති ස්ථානවලට වෛද්‍යවරුන් ලබාදීමට පියවර ගෙන තිබෙනවා" යැයි ඔහු සඳහන් කළේය.
දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙන මෙට්ෆෝමින් ඖෂධය තත්ත්වයෙන් බාල බවට මාධ්‍ය මගින් පළ කළ වාර්තා පිළිබඳව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙහිදී අදහස් පළ කළේය. |"එම ඖෂධය තත්ත්වයෙන් බාල බවට වෛද්‍ය සැපයීම් අංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තත්ත්ව පාලන රසායනාගාරය මෙතෙක් තහවුරු කර නැහැ. මේ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් රෝහල්වලින් ද වාර්තා වී නැහැ. මෙට්ෆෝමින් ඖෂධය මෙම වසරේ දී විදේශීය රටවලින් ආනයනය කර නොමැති අතර, රෝගීන් සදහා ලබාදෙන්නේ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ පමණයි. මාධ්‍ය මගින් වාර්තා කළ තත්ත්වයෙන් බාල ඖෂධ අලෙවි කරන ස්ථාන පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවැනි ස්ථාන වැටලීමට පියවර ගන්නවා.
වෙසක් සහ පොසොන් සතිය තුළ දන්සැල් පරීක්ෂා කිරීම ක්‍රියාත්මකයි. සියලුම දන්සැල් ලියාපදිංචි කළයුතු අතර ඒ සඳහා වූ විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. දන්සැල්වලින් ලබාදෙන ආහාරවල සෞඛ්‍ය සම්පන්නභාවය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙනවා. වෙසක් සහ පොසොන් සතිය තුළ මාර්ග අනතුරු ද වැඩිවිය හැකි බැවින් ඒවා අවම කර ගැනීමට ජනතාව අවධානය යොමු කළ යුතු වෙනවා බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.