නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යවේදීන්ට සහනදායී ණය පහසුකම් සැලසීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

    මැයි 17, 2016

    මාධ්‍යවේදී පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීම සහ මාධ්‍යවේදීන්ට උපකරණ මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සැලසීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය ලබන 31 දින දක්වා දීර්ඝ කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මේ ව්‍යාපෘතිය වාර්ෂිකය ක්‍රියාවට නංවනු ඇත.

    දිවයිනේ පි‍ළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පදනම මත වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කළ වයස අවුරුදු 18-55ත් අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන්ට මේ ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කළ හැක‍ සියලු ම අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත ලබා තිබිය යුතුයි.

    මේ පිළිබඳ වැඩි විස්තර 011-2513645, 011-2513459 හෝ 011-2513460 ඇමතීමෙන් සහ ආදර්ශ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya