මෙහි දී නිවාස හිමිකම් ඔප්පු පනස් දෙකක් සහ 1,071 දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. නිවාස ණය ලාභීන් සඳහා අනුමත මුදල රුපියල් මිලියන 135 ක් වන අතර එදින පළමු අදියර යටතේ රුපියල් මිලියන 21.420 ක මුදලක් නිදහස් කරන ලදි.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මහත්වරුන්ද ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශිය සභා මැතිඇමති වරුන් පිරිසක්, මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් සහභාගි වූහ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය වැඩසටහන සංවිධානය කරන ලදි.
AP/DMU-Matara