ඉදිරි මාස කිහිපය තුළ ඇතිවන වර්ෂාපතනයන් සමග හදිසි ගං වතුර තත්වයන් හමුවේ ප්‍රජාව දැනුවත් කිරීම මෙහි මූලික ම අරමුණයි. එවැනි අවස්ථාවක බොට්ටු සේවා පවත්වාගෙන යාම, ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම ආදී ප්‍රජා විෂයෙහිලා වඩාත් වැදගත් ප්‍රායෝගික පුහුණුවක් මෙහිදී පැවැත් විණි.
තෝරාගත් ප්‍රදේශවාසීන් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා ඉමඳුව ප්‍රාදේශීය ලේකම් ජී ජී ලක්ෂ්මි කාන්ති මහත්මිය සහ ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් එදිරිසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
AP/DMU-Galle