නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල උණවටුන වෙරළ පවිත්‍රතා වැඩසටහන සාර්ථකයි

    මැයි 08, 2016

    හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උණවටුන වෙරළ පවිත්‍රතා වැඩසටහන රාජ්‍ය ආයතන රැසක දායකත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට හැකි වී තිබේ.

    සාර්ථක වෙරළ පවිත්‍රතා වැඩසටහනක් පසුගියදා හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උණවටුන වැල්ලේ දේවාලය අසලින් ආරම්භ කෙරුණු අතර එය රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ඒකාබද්ධ ප්‍රවේශයක් ලෙස පැවැත් විණි.

     

     300ක පමණ නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධානයන් හි සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවති අතර මෙහි දෙවන අදියර හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඉදිරිපිට වෙරළේ සිට හැඩිවත්ත ප්‍රදේශය දක්වා   සිදු විය.

     

    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයල පළාත් පරිසර අමාත්‍යාංශය,මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙන්තුව, ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය, නාවුක හමුදාව, ගාල්ල පොලීසිය, හබරදුව ප්‍රාදේශීය සභාව, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, ගුවන් හමුදාව සහ ප්‍රදේශයේ ධීවර සමිති ඇතුළුව ආයතන ගණනාවක් මේ සඳහා සිය දායකත්වය ලබා දී තිබිණ.

     

    ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ පුෂ්පා මළලසේකර මහත්මිය ඇතුළුව නිලධාරීන් රැසක්ද මේ සඳහා සහභාගී වී සිටියහ.පසුගිය මස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙය සංවිධානය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya