නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වන උදාගම්මානය ජනතා අයිතියට

    මැයි 06, 2016
     වසර 22 කට පසුව යළි ක්‍රියාත්මක වන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිවු පස්වන උදාගම්මානය වන අම්පාර,      “ දයාපුර ” උදාගම්මානය හෙට (7 දා )ජනතා අයිතියට පත් කෙරේ.
    මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක්  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
     
    නිවාස 25 කින් සමන්විත දයාපුර ගම්මානය ජලය, විදුලිය, අභ්‍යන්තර මාර්ග, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විත වේ. 
     
    ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වාසනා අංජුලා දියණියේ නිවස ඉදිකර ගැනීම සදහා රුපියල් ලක්ෂ දෙකක් වටිනා “ සෙවණ ” නිවාස ආධාර මුදලක්ද මෙදින ප්‍රදානය කෙරිණ. වාසනා අංජුලා දියණියගේ ආබාධිත බව හා ඇයගේ පවුලේ අසරණ භාවය පිළිබදව අවධානය යොමුකළ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ උපදෙස් මත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම ආධාර මුදල ප්‍රදානය කෙරිණ. 
     
    මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරල, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක් විජය සාගර පළන්සුරිය යන මහත්ම, මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වුහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya