ඒ අනුව පොල්, පළතුරු වර්ග අල වර්ග යනාදිය තේ වතුවල අතිරේක භෝග වගාවන් ලෙස වගා කල හැකි බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. මීට අමතරව මී මැසි පාලනයද තේ වතු ආශ්‍රිතව සිදු කෙරේ.
මෙම අතිරේක භෝග වගාවන් තුලින් සැලකිය යුතු ආදායමක් ලබා ගත හැකි බැවින් තේ මිල අඩුවන කාලසීමා වලදී එය ඉතා වැදගත් බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් ස්ථානභාර නිලධාරී ඩී.පී. අබේතිලක මහතා පවසයි.
මේ සඳහා තේ නිෂ්පාදකයන් දැනුවත් කරලීමේ වැඩසටහනක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය සැලසුම් කර ඇති අතර නොබෝ දිනකින් මෙම වැඩ සටහන ආරම්භ කිරීමට නියමිතයි.
මෙය සෑම ප්‍රදේශයකම පවතින තේ වතුවල ක්‍රියාත්මක කල හැකි වැඩ සටහනක් බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අදහසයි.
AP/DMU-Kalutara