නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැඩ ඔය ජලාශය සංවර්ධනයට පියවර

    මැයි 07, 2016

    අම්පාර දිස්ත්‍රික්කයේ හැඩ ඔය ජලාශය ඉදි කිරීම සහ යටිතල පහසුකම් නංවාලීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා රුපියල් මිලියන 11,000ක පිරිවැයක් වෙන් කර ඇති අතර  හැඩ ඔය ගං වතුර පාලනය කරමින් කන්න දෙකම වගා කිරීමට හැකිවන පරිදි පවත්නා වැව් පිරවීමටත් පොතුවිල්, ලාහුගල,සියඹලාන්ඩුව හා පානම ප්‍ර‍දේශ සඳහා අඛණ්ඩ පානීය ජල සැපයුමක් තහවුරු කිරීමට සහ අමතර හෙක්ටෙයාර 5,300කට අවශ්‍ය වාරි ජලය සැපයීමට ඉන් අපේක්ෂා කෙරේ.

    අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි පොතුවිල් හා ලාහුගල  ප්‍රාදේශීය කොට්ඨාසවල පිහිටීම හා භෞතික පසුබිම සලකා බැලීමේදී කෘෂිකර්මයට හා සත්ත්ව පාලනයට එම ප්‍රදේශයන්හි ඉතා හොද විභවයක් ඇති බව පෙනී ගියද එහි ඉඩම් හා ජලය ජනතාවගේ අභිවෘද්ධියට හේතු වන පරිදි මනාව කළමනාකරණය කර නොමැත.

    එමෙන්ම අනෙක් ප්‍රදේශ හා සැසඳීමේදී මෙම ප්‍රදේශය පොදු යටිතල පහසුකම් අවම ප්‍රදේශයක්  ලෙස ද හඳුනාගෙන ඇත. හැඩ ඔය, විල ඔය හා කරඳ ඔය නිම්නයේ ඇති වැව්-අමුණු යටතේ ප්‍රදේශයේ පිහිටි හෙක්ටෙයාර 65,000ක පමණ ඉඩම් ප්‍රමාණයක් සාමාන්‍ය‍යෙන්  වගා කෙරේ.

    නමුත් හැඩ ඔය දෙපස පිහිටි කුඹුරු ජලයෙන් යටවීම හේතුවෙන් මහ කන්නයේ වී වගා කටයුතු පමා වන අතර එම වැව්වල ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් යල කන්නයේද වගා කටයුතු බොහෝ විට සිදු නොවේ.

    එම ජනතාවගේ ජල අවශ්‍යතාවය පිළිබඳ සලකා හැඩ ඔය ජලාශය ඉදි කිරිම සහ යටිතල පහසුකම් නංවාලීමට වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya