නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුට මුදල් ඇමැති එක්වෙයි

    මැයි 05, 2016

    ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් අමාත්‍යවරුන්ගේ 49 වැනි සමුළුවේ පළමු සාකච්ඡා වටය සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහභාගී විය.

    පළමු සාකච්ඡා වටය සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා ලැබීම සූවිශේෂී අවස්ථාවක් වේ.

    මෙහි දී  ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ සුවිශේෂීත්වය සහ රට තුළ සිදුව ඇති නව වෙනස්කම් සම්බන්ධයෙන් අදහස් පළ විය.

    මෙම සමුළුවපසුගිය 02 දා සිට අද (05) දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවට අයත් රටවල් 67ක මුදල් අමාත්‍යවරුන් ඇතුළු 3,000කට අධික උසස් නිලධාරීන්ගේ සහභාගී වී සිටිති.

    මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ ස්ථාවරභාවය සඳහා සහයෝගීතාව (Cooperating for Sustainability) යන්නයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya