නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන රැකියා වෙබ් අඩවිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්

    මැයි 05, 2016
     
     
    මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව මගින් මහජන රැකියා වෙබ් අඩවිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 
    පසුගිය දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 
     
    වර්තමාන රජය විසින් ඉදිරිපත් කර ඇති රැකියා දස ලක්ෂයේ ඉලක්කය සපුරා ගැනීම සදහා සැලසුම් සකස් කිරීම, ශ්‍රම බලකායක් ඇති කිරිම, නව රැකියා නිර්මාණය කිරීම, ව්‍යවසායක වැඩසටහන් සැළසුම් කිරීම, ස්වයං රැකියා වැඩපිළිවෙලවල් ඇති කිරීම මෙම වෙබ් අඩවිය හරහා සිදු කිරීමට කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය විය.
     
    දැනට ලංකාවේ සේවා වියුක්තිකයන්ගේ සංඛ්‍යාව 4.5 කි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති රැකියා සේවා පියස මගින් 2016 වසරේ දී ලක්ෂ දෙකක පිරිසක් ලියාපදිංචි වී ඇත.කෙනෙකු මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ශ්‍රම වෙළෙඳ පොළ පිළිබද තොරතුරු, රැකියා පිළිබද තොරතුරු, රැකියා සපයන ආයතන වල තොරතුරු, මාර්ගෝපදේශනය, කුසලතාවයන්ට අනුව රැකියා තොරතුරු ලබා ගැනීම හා පුරප්පාඩු සොයා ගැනීමට හැකි බව මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තිය මාර්ගෝපදේශන නිලධාරී යූ.බී.එම්.ඒ.විජේසේකර මහතා පැවසුවේ ය. 
     
    මෙම අවස්ථාව සදහා රාජ්‍ය ආයතන රැසක් සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya