නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසිරි නිවාස ණය වැඩසටහනේ ප්‍රතිලාභී පවුල් 415 ක් සදහා රුපියල් මිලියන 69.10 ක්

    මැයි 05, 2016
    දිස්ත්‍රික් නිවාස කමිටු රැස්වීම පසුගිය දා කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
    මෙහිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කළමණාකරු ආර් එම් සුභසිංහ මහතා 2016 වර්ෂයේ ඉදි කිරීමට බලාපොරොත්තු වන හා දැනට නිවාස වැඩසටහන යටතේ සිදු වන ව්‍යාපෘති පිළිබද ප්‍රගතිය මෙම කමිටුව වෙත ඉදිරිපත්  කළේය.
     
    ඒ අනුව සැමට සෙවන විසිරි නිවාස ණය  1,521 දෙනෙකු සදහා ද සිමෙන්ති ආධාර පවුල් 2,000 ක් සදහා ද ලබා දීමට කටයුතු කර ඇති බවත් සම්පත් සෙවන නිවාස ණය යටතේ මිලියන 5 ක් යොදවා සම්පත් සෙවණ නිවාස ණය 750 ක් ලබා දීමට සැලසුම් කර ඇති බවත් පැවසීය.
     
    පෙන්ඩ්රික් වත්ත ගම්මාන වැඩසටහන යටතේ ප්‍රතිලාභී පවුල් 27 ක් සදහා නිවාස ලබා දීමට කටයුතු කර ඇත.මාදුලුවාවේ සෝභිත නා හිමි අනුස්මරණ ගම්මානය ඉදි කිරීම සඳහා අක්කර හතරක ඉඩමක් දැනටමත් වෙන් කර ඇති අතර  එම ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
     
    කොළඹ නගර දකුණ “සැමට සෙවන” නිවාස 50,000 ක් වැඩසටහන යටතේ රුපියල් මිලියන  31.37 ක් වෙන් කර ඇත.2016 සැමට සෙවන විසිරි නිවාස ණය වැඩසටහනේ ප්‍රතිලාභී පවුල් 415 ක් සදහා රුපියල් මිලියන 69.10 ක් ද වෙන් කර ඇත.එසේම ප්‍රතිලාභී පවුල් 485 ක් සදහා රුපියල් මිලියන 46.10 ක් වෙන් කර ඇති අතර මෙහිදී සින්නක්කර ඔප්පු 835 ක් හා බදු ඔප්පු 1,500 ක් ද ලබා දීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බලාපොරොත්තු වේ.
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya