එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරුවන් බෝවීම බොහෝ දුරට සිදු වී ඇත්තේ ආගමික ස්ථාන ආශ්‍රිතව හා ඉදි කිරීම් ස්ථාන වල ය. ඒ නිසා අපට අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු වෙනවා.ආගමික ස්ථාන දැනුවත් කිරීම,මහල් නිවාස ගැන වැඩි අවධානය යොමු කිරීම,පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම හා කාණු පද්ධති අවහිර වීම් පිළිබද අවධානය යොමු කිරීම මින් සමහරක් යැයි ඒ මහත්මිය වැඩි දුරටත් පැවසුවා ය.
ඒ මහත්මිය එසේ පැවසුවේ පසුගිය දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඩෙංගු මර්දන කමිටු රැස්වීමේ දී ය.
2016 වර්ෂයේ මුල් කාර්තුව වන විට ලංකාවේ සිටින ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,000 දක්වා අඩු වී තිබෙනවා.
මෙසේ අඩු වීමට හේතු වී ඇත්තේ ඩෙංගු මර්දන වැඩසටහන් වල ක්‍රියාශීලීභාවය නිසයි.ඒ නිසා මරණ අනුපාතය ද අඩු වී ඇත.1999 දී පුද්ගලයන් 1,000 කින් 99 ක් ම මිය ගියා. එහෙත් දැන් 1000 කින් 1 අයෙක් පමණයි මිය යන්නේ. එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් වාර්තා වන්නේ 2014 වර්ෂයේ දීය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය ඇතුලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් රැසක් සහභාගි වුහ.
AP/DMU-Colombo