ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගිය දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් ආපදා කළමණාකරණ කමිටු රැස්වීමේ දී ය.
ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ “ඉදිරියේ දී වර්ෂා කාලය ආරම්භ වෙනවා. එහිදී බස්නාහිර පළාතට විශේෂයෙන් කොළඹට අධික වර්ෂාවක් පතිත වෙනවා.ඒ හේතු කොට ගෙන සිදුවන ආපදා හානි වැඩි විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමයි මෙයට සක්‍රීයව තොරතුරු දැනගත යුත්තේ. වර්ෂාව නිසා බලපැම් ඇති වන විශේෂ ප්‍රදේශ හදුනා ගැනීම,වර්ෂවේ මිලි මීටර් ප්‍රමාණය දැන ගැනීම මෙහි දී වැදගත් වෙනවා.ඒ වගේම ප්‍රාදේශීය ලේකම් වරු ආපදා කමිටු නිලධාරින් ප්‍රදේශය ගැන මෙවැනි අවස්ථා වලදී දැඩි අවධානයකින් සිටිය යුතුයි.
බොහෝ විට ගං වතුර ගැලීම නිසා මහා මාර්ග වල වාහන තදබදය සිදු වෙයි.මෙහිදී පොලිසිය සමග එක්ව අතුර ප්‍රවේශ මාර්ග සොයා බැලීම වැදගත් වෙනවා.ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ ගං වතුර අවස්ථාවකදී යට වන ස්ථාන විශේෂයෙන් මහරගම, කඩුවෙල. සීතාවක යන ප්‍රදේශ විශේෂ අවධානයක් දැක්විය යුතු ප්‍රදේශයි.පසුගිය දා ඇති වූ ගස් කඩා වැටිම නිසා ඇති වූ අහිතකර තත්ත්වයන් ගැන කල් තියා හදුනාගත යුතුයි.අනතුරු සහිත ගස් ඇති ස්ථානයන්ට අදාල පළාත් පාලන ආයතන හා සාකච්ඡා කර එම ගස් ඉවත් කිරීම පිළිබද අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් කොළඹ ඇති මාර ගස් වැනි විශාල ගස් පිළිබද විශේෂ සොයා බැලීමක් කිරීම වැදගත්.
ඒ වගේම කැළණි ගග පිටාර ගැලීම,දියවන්නා ඔය පිටාර ගැලීම පිළිබද පෙර අවබෝධයක් ලබා ගැනීමත් කඩිනමින් ජලය බැස යාමට ඇති ස්ථාන සොයා බැලීමක් කළ යුතුයි.ඒ වගේම විදුලිය විසන්ධි වීමත් සමග ඇති විය හැකි ගැටළු පිළිබද අපේ අවධානය යොමු කළ යුතුයි” යැයි ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.
මෙහි දී අදහස් දැක්වූ ආපදා කළමණාකරණ අංශයේ සහකාර අධ්‍යක්ෂ ගිහාන් දිසානායක මහතා පැවසුවේ එළඹෙන මෝසම් තත්ත්වයේ දී කොළඹට බලපාන ආපදා අවම කිරීම සදහා දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහන් නොකඩවා සිදු වන බවයි.විශේෂයෙන් කොළඹ වැඩිම අවදානම් තත්ත්වයක් ඇත්තේ ගිනි ගැනීම ය.මේ සදහා ගිනි නිවන හමුදාව සමග එක්ව වැඩසටහන් රැසක් සිදු කරනවා.දැනට කොළඹ අලුත්ම ආපදා තත්ත්වය කැළණි ගගේ කිඹුලන් ගහනය යි.මේ සදහා ද වැඩසටහන් ඇති කිරීමටද බලාපොරොත්තු වන බවයි
.
මෙම අවස්ථාවට කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා,සහකාර දිස්ත්‍රික් ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරු. පොලිස්,යුධ හමුදා,නාවික හමුදා දෙපාර්තමේන්තු,ගිනි නිවන හමුදාව ඇතුලු ආයතන රැසක නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
AP/DMU-Colombo