කෘෂිකර්ම කමිටුව තුළ වැඩි අවධානයට ලක් වූයේ ඉඟුරු මිල සීඝ්‍රයෙන් පහත බැසීම පිළිබඳවයි. ඒ පිළිබඳව අදහස් දැක් වූ ගාල්ල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකා කේ. ටී පලගසිංහ මහත්මිය සඳහන් කර සිටියේ චීන ඉඟුරු මෙරටට ආනයනය කරලීම මෙම තත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් බවත් මෙරට දේශීය ඉඟුරු වලට වඩා බියර් සැකසීමට මෙම චීන ඉඟුරු ආනයනය බහුලව සිදුවන බවත්ය.
එමෙන්ම පොහොර සහනාධාරය ලබා දීම මධ්‍යස්ථාන 27කදී සිදු කිරීමට නියමිත බවත් ඉදිරියේ දී ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිත බවත් එහිදී අනාවරණය විය.ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත රඹුටන් ගම්මානය පිළිබඳව මෙහිදි සාකච්ඡා කල අතර එය නියාගම ස්ථාපිත කිරීමට නියමිත බවට දිස්ත්‍රික් කෘෂී කර්ම අංශය විසින් පවසා සිටියේ ය.
මෙහිදී ආහාර සුරක්ෂිතතා ජාතික වැඩසටහන පිළිබඳව ප්‍රගතිය විමසා බැලීම සිදු වූ අතර මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පා.ම. විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ එම වැඩසටහනේ ගාල්ල ව්‍යාපෘති අධ්‍යක්ෂ ගුණරත්න වීරකෝන් මහතා ද සහභාගී විය.
AP/DMU-Galle