නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් පරිසර කමිටුව රැස්වේ

    අප්‍රේල් 27, 2016
    ගාල්ල දිස්ත්‍රික් පරිසර කමිටුව පසුගියදා ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
    ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ පවිත්‍රතා වැඩසටහන පිළිබඳව මෙහිදි විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර දකුණු පළාත් මධ්‍යම පරිසර අධිකාරිය, නාවුක හමුදා කාර්යාලය, ආපදා ඒකකය, දකුණු පළාත් සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යොවුන් සේනාංකය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආදී ආයතන රැසක් එම වැඩසටහන සඳහා දායකත්වය සපයනු ලබයි.
     
    ඒ අනූව මැයි මස 06 වන දින  වෙරළ පවිත්‍රතා වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර උණවටුන වෙරළ තීරය සහ හබරාදුව වෙරළ තීරයෙන් මෙම වැඩසටහන ආරම්භ වේ.
     
    එමෙන්ම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙල තුළ ගාල්ල දිස්ත්‍රික්කය මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ට සාපේක්ෂව අසාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව දකුණු පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එච්.ජී ප්‍රේමචන්ද්‍ර මහතා විසින් පෙන්වා දෙන ලදී.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya